/home/mylanguagenet/public_html/sites/mylanguage.net.au/files/4sl/Sin4.html
ස්වාභාවික විශ්වය පාලනය කිරීමට ස්වභාවික ප්‍රතිපත්ති තිබෙන්නාක් මෙන්, ඔබ හා දෙවියන්වහන්සේ අතර සම්බන්ධතාවය පාලනය කිරීමට ආත්මික ප්‍රතිපත්ති තිබේ.
1. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන සේක. උන්වහන්සේ ඔබගේ ජීවිතය උදෙසා අනර්ඝ සැලැස්මක් පිරිනමන සේක.
දෙවියන් වහන්සේගේ ප්‍රේමය
"මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහගන්නා සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය." (යොහාන් 3:16)
දෙවියන් වහන්සේගේ සැලැස්ම
"(යේසුස් වහන්සේ කතා කරමින්) මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්, එය අධික ලෙස ලැබෙන පිණිසත්ය." (යොහාන් 10:10)
බොහෝ දෙනෙක් මෙවැනි සඵලවත් පරිපූර්ණ ජීවිතයක් අත්නොදකින්නේ මන්ද ?
2. මිනිසා පව්කාරව, දෙවියන්වහන්සේගෙන් වෙන්වී සිටී. එබැවින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්දැකීමටත්, තම ජීවිතය ගැනවූ උන්වහන්සේගේ සැලැස්ම දැනගැනීමටත් මිනිසා නොහැකිව සිටියි.
මිනිසා පව්කාරය.
"මක්නිසාද සියල්ලෝම පව්කොට. දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනවී සිටිති." (රෝම 3:23)
මිනිසා දෙවියන්වහන්සේ සමඟ සහභාගිකම ඇතුව සිටීමට මවන ලදී. නමුත් ඔහු තමාගේම කැමැත්ත කරමින් මුරණ්ඩු ලෙස නිදහස්ව සිටීමට තීරණය කළේය. ඒ හේතුවෙන් දෙවියන්වහන්සේ සමඟවූ සහභාගිකම බිඳී ගියේය. පාපය දෙවියන්වහන්සේව නොසලකා සිටීමේ ස්වභාවයකි. එය තම කැමැත්ත අනුව ක්‍රියාවෙන් විරුද්ධත්වය දැක්වීමෙන් හෝ අදහසින් නොසැලකිලිවන්තකම පෙන්වීමෙන් ප්‍රකාශ කළ හැකිය. බයිබලයට අනුව පාපය මෙයයි.
මිනිසා දෙවියන්වහන්සේගෙන් වෙන්වී සිටී.
"පාපයේ කුලිය නම් මරණයය. (දෙවියන්වහන්සේගෙන් ආත්මික ලෙස වෙන්වීම)" (රෝම 6:23)
මෙම රූපයෙන් පෙන්වන්නේ දෙවියන්වහන්සේ ශුද්ධ බව හා මිනිසා පව්කාර බවයි. මේ දෙදෙනා විශාල පරතරයකින් වෙන්වී සිටිති. ඉහළටවූ ඊ හිස්වලින් පෙන්වනුයේ මිනිසා ස්වඋත්සාහයෙන්, යහපත් ජීවිතයකින් හෝ සුචරිතයකින් හෝ දර්ශනවාදයෙන් නොකඩවාම දෙවියන්වහන්සේ වෙතට පැමිණෙන්ටත්. අධික ජීවනය ලබාගැනීමටත් වීර්ය කරන බවයි.
මෙම පරතරය යා කළ හැකි එකම මාර්ගය තුන්වන ප්‍රතිපත්තියෙන් විස්තර කරනු ලබයි.
3. අපගේ පාපයට දෙවියන්වහන්සේගේ එකම විසඳුම වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. දෙවියන් වහන්සේ පුද්ගලිකව දැන හඳුනගැනීමටත්, උන්වහන්සේගේ ප්‍රේමය හා සැලැස්ම දැනගැනීමටත් හැකිවන්නේ යේසුස් වහන්සේ තුළින් පමණි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මැරුණුසේක.
""දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්වන්නේ, අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය අත්විඳීමෙන්ය."" (රෝම 5:8)
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටුනුසේක.
""අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත්, උන්වහන්සේ තැන්පත්කරනු ලැබූ බවත්, ලියවිල්ලේ ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්, කේපස්ටද, පසුව දොළොස්දෙනාටද පෙනුණු බවත් ඉන්පසුව එකවිටම උන්වහන්සේ පන්සීයයකට පෙනුණු බවත්ය."" (1 කොරින්ති 15:3-6)
එකම මාර්ගය උන්වහන්සේය.
(යේසුස් වහන්සේ මෙසේ කීසේක.) " මාර්ගයද, සත්‍යයද, ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත." (යොහාන් 14:6)
මෙම රූපයෙන් පෙන්වන්නේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ හා අප අතර තිබුණ පරතරය ඉවත් කිරීම සඳහා අපගේ පාප වෙනුවෙන් කුරුසිය මත මැරී , අපගේ පාපයට වන්දි ගෙවන පිණිස මේ ලෝකයට තම පුත්‍රයාවූ යේසුස් වහන්සේ එවූ බවය.
මෙම ප්‍රතිපත්ති තුන පමණක් දැනගැනීම ප්‍රමාණවත් නොවේ...
4. යේසුස් වහන්සේ අපගේ ගැළවුම්කරු හා ස්වාමින්වහන්සේ හැටියට පුද්ගලික ආරාධනයෙන් අප පිළිගත යුතුය. එවිට දේව ප්‍රේමය අත්දැකීමට හා තේරුම්ගැනීමටත්, අපගේ ජීවිත ගැනවූ උන්වහ්නසේගේ සැලැස්ම තේරුම්ගැනීමටත් හැකිවේ.
අප ක්‍රිස්තුස් වහන්සේව පිළිගත යුතුය.
""යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහගත්තෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහ්නසේ බලය දුන්සේක. "" (යොහාන් 1:12)
අප ක්‍රිස්තුස්වහන්සේ පිළිගන්නේ ඇදහිල්ලෙනි.
""මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගේම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු නොකරගන්න පිණිස එය ක්‍රියාවෙන් නොවේ."" (එපීස 2:8,9)
අප ක්‍රිස්තුස්වහන්සේව පිළිගන්නාවිට, අපි අළුත් උපතක් අත්දකින්නෙමු.
අප ක්‍රිස්තුස්වහන්සේ පිළිගන්නේ පෞද්ගලික ආරාධනයෙනි.
(ක්‍රිස්තුස්වහන්සේ කථා කරමින්) "මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමඟ කෑම කන්නෙමි." (එළිදරව් 3:20)
ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනීම නම්, තම ජීවිතය මමත්වයේ පාලනයෙන් දෙවියන්වහන්සේගේ පාලනය වෙතට භාර කිරීමයි. අපගේ ජීවිත තුළට පැමිණෙන්නටත්, අප පාපයන්ට සමාව දීමට හා දේව සැලැස්ම අනුව අපව හැඩගැස්වීමටත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසය තැබීමය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවත්, උන්වහන්සේ අපගේ පාප උදෙසා මැරුණු බවටත් බුද්ධිමත් ලෙස එකඟවීමක් හෝ හැඟීම් කරණකොටගෙන ලබන අත්දැකීමක් නොසෑහේ. අප උන්වහන්සේව පිළිගන්නේ ස්වකැමැත්තේ ක්‍රියාවක් හැටියට ඇදහිල්ලෙනි.
මෙම රවුම් දෙකෙන් නිරූපනය වන්නේ ජීවිත වර්ග දෙකකි.
මමත්වය මඟින් ජීවිතය පාලනය කරයි. |
ක්‍රිස්තුස්වහන්සේ ජීවිතය පාලනය කරනු ලබයි. |
ම - මමත්වය ජීවිතයේ පාලක ස්ථානයේ සිටියි. † - ක්‍රිස්තුස්වහන්සේ ජීවිතයෙන් පිටත සිටියි. • - මමත්වයෙන් ආශාවන් පාලනය කෙරෙන නිසා, නිතරම අවුල් ස්වභාවයක් හා නිශ්ඵල ස්වභාවයක් හටගනී. |
† - ක්‍රිස්තුස්වහන්සේ ජීවිතයේ පාලක ස්ථානයේ සිටියි. ම - මමත්වය ජීවිතයේ පාලනයෙන් බැහැරව තිබේ. • - ආශාවන් ක්‍රිස්තුස්වහන්සේ මඟින් පාලනය වන නිසා ජීවිතය උන්වහන්සේගේ සැලැස්ම අනුව ක්‍රියාත්මක වේ. |
ඔබේ ජීවිතය වඩාත් හොඳින් විස්තරවන්නේ කුමන රූප සටහනින්ද ?
ඔබේ ජීවිතය හැඩගස්වා ගැනීමට කැමති කුමන රූප සටහනට අනුවද ?
ඔබට මේ මොහෙතේම යාඥා කර ක්‍රිස්තුස්වහන්සේ පිළිගත හැකිය.
(යාඥාවනම් දෙවියන්වහන්සේ හා සමඟ කතා කිරීමයි.)
දෙවියන්වහන්සේ ඔබගේ සිත දන්නා අතර, උන්වහන්සේට වැදගත් වන්නේ ඔබේ වචන හෝ භාෂාව නොව හදවතේ ඉරියව්වයි. පහත දැක්වෙන ආකාරයේ යාඥාවක් සෑහේ.
ස්වාමිවූ යේසුස් වහන්ස, මට ඔබවහන්සේව අවශ්‍යයි. මගේ පාපයන් උදෙසා කුරුසියේ මැරුණු නිසා ඔබට ස්තුතියි. මම මගේ හදවතේ දොර හැර ඔබවහන්සේ මාගේ ගැළවුම්කරුවාණෝ හා ස්වාමින් වහන්සේ ලෙස පිළිගනිමි. මගේ පාපයට සමාව දී මට සදාකාල ජීවනය දුන් නිසා ඔබට ස්තුතියි. මගේ ජීවිතයේ සිහසුන (පාලනය) භාරගෙන ඔබ කැමති ලෙසට මාව හැඩගැස්සුව මැනව.
ඔබේ හදවතේ ඇති කැමැත්ත මේ යාඥාවෙන් ප්‍රකාශවන්නේද ? එසේනම් මේ මොහොතේම යාඥාකරන්න.
පොරොන්දු වී ඇති පරිදිම ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතය තුළට පැමිණෙනවා ඇත.
ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතය තුළ සිටින බව ඔබ දැනගන්නේ කෙසේද ?
ඔබ ඔබේ ජීවිතයට ක්‍රිස්තුස්වහන්සේව පිළිගත්තේද ? එළිදරව් 3:20 පොරොන්දුව පරිදි උන්වහන්සේ මේ මොහොතේ සිටින්නේ කොහේද ? ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතයට පැමිණෙන බවට පැවසූසේක. උන්වහන්සේ ඔබව නොමඟ යවයිද ? දෙවියන්වහන්සේ ඔබේ යාඥාවට පිළිගුරු දුන්බව ඔබ දැනගන්නේ කෙසේද ? (දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ වචනයේ සත්‍යාවය නිසාමය.)
ක්‍රිස්තුස්වහන්සේ පිළිගන්නාවූ සැමට සදාකාල ජීවනය ලැබෙන බව බයිබලය පවසයි.
"ඒ සාක්ෂිය නම් දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයද. තම පුත්‍රයාණන් තුළ තිබේ. පුත්‍රයාණන්වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය." (1 යොහාන් 5:11-13)
ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළට පැමිණි නිසා නිතරම දෙවියන්වහන්සේට ස්තුති කරන්න. (හෙබ්‍රෙව් 13:5 ට අනුව) උන්වහන්සේ කිසිදාක. කිසිවිටක ඔබෙන් අහක්ව නොයන බවට පොරොන්දු වී ඇත. දේව පොරොන්දුව අනුව ඔබ ක්‍රිස්තුස්වහන්සේ පිළිගත් මොහොතේ සිට, ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වාසය කරනු ඇත. උන්වහන්සේ කිසිවිටක ඔබ මුළාවට පත් කරන්නේ නැත.
හැඟීම් මත රඳා නොපවතින්න.
අපට ඇති එකම සහතිකය දේව වචනයේ පොරොන්දුව මිස අප තුළ ඇතිවන හැඟීම් නොවේ. ක්‍රිස්තු භක්තිකයා දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනයේ සත්‍යතාවය කෙරෙහි ඇති විශ්වාසයෙන් පැවතෙන්නෙකි. මෙම පහත රූප සටහනින්, "සත්‍යය"(දෙවියන්වහන්සේ හා දේව වචනය), "ඇදහිල්ල"(දෙවියන්වහන්සේ හා දේව වචනය කෙරෙහි අපේ විශ්වාසය) හා "හැඟීම්"(මෙම ඇදහිල්ල හා කීකරුකම කරණකොටගෙන ඇතිවන ප්‍රතිඵලය) අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරයි. (යොහාන් 14:21 කියවන්න)
දුම්රිය, මුරකරු මැදිරිය ඇතුව හෝ නැතුව ගමන් කරයි. එහෙත් මුරකරු මැදිරිය ලවා දුම්රිය අද්දවන්නට වෑයම් කිරීම මෝඩකමකි. එලෙසම අපද ක්‍රිස්තු භක්තිකයන් වශයෙන් අපගේ හැඟීම් පමණක්ම ඒත්තු නොගනිමු. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම හා දේව වචනයේ පොරොන්දුව මත තම ඇදහිල්ල අඳවනවා ඇත.
දැන් ඔබ ක්‍රිස්තුස්වහන්සේව පිළිගෙන තිබේ.
ඇදහිල්ලේ ක්‍රියාවක් ලෙස ඔබ ස්වකැමැත්තෙන් ක්‍රිස්තුස්වහන්සේ පිළිගත් මොහොතේම පහත සඳහන් දේ ඇතුලු බොහෝ දේ සිදුවිය.
- ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතයට පැමිණිසේක. (එළිදරව් 3:20 සහ කොලොස්සි 1:27)
- ඔබේ පව්වලට සමාව ලැබුණි. (කොලොස්සි 1:14)
- ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක් බවට පත්විය. (යොහාන් 1:12)
- ඔබට සදාකාල ජීවනය ලැබුණේය. (යොහාන් 5:24)
- දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් පිළියෙල කර ඇති වික්‍රමාන්විත සැලැස්ම ඔබ තුළ ආරම්භ විය. (යොහාන් 10:10, 2 කොරින්ති 5:17, 1 තෙසලෝනික 5:18)
ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනීම තරම් ඔබට සිදුවිය හැකි වෙනත් පුදුම දෙයක් ඔබට සිතිය හැකිද ? උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර තිබෙන දේට මේ දැන්ම යාඥාවක් තුළින් උන්වහන්සේට ස්තුති කරන්න කැමතිද ?
ඔබේ නව ජීවිතය පූර්ණව විඳින්න...
කිතුණු වර්ධනය සඳහා යෝජනා
"ආත්මික වර්ධනය වූ කලී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමේ ප්‍රතිඵලයකි. ""ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වෙයි.."" (ගලාති 3:11) ඇදහිල්ලේ ජීවිතයක් ඔබේ ජීවිතයේ සෑම දෙයකදීම දෙවියන්වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් විශ්වාස කිරීමට හැකියාව දෙන අතර පහත සඳහන් දේ අනුගමනය කිරීමටද උපකාරීවේ."
- යාඥාවෙන් දිනපතාම දෙවියන්වහන්සේ වෙතට යන්න. (යොහාන් 15:7)
- දේව වචනය දිනපතා කියවන්න. (ක්‍රියා 17:11 බලන්න) යොහාන්ගේ සුභාරංචියෙන් පටන් ගන්න.
- මොහොතක් පාසා මොහොතක් දෙවියන්වහන්සේට කීකරු වෙන්න. (යොහාන් 14:21 බලන්න)
- ඔබේ ජීවිතයෙන් හා වචනයෙන් යේසුස්වහන්සේ ගැන සාක්ෂි දරන්න. (මතෙව් 4:19 සහ යොහාන් 15:8 බලන්න)
- ඔබේ ජීවිතයේ සෑම කුඩා දෙයක් සඳහාම දෙවියන්වහන්සේ විශ්වාස කරන්න. (1 පේත්‍රැස් 5:7 බලන්න)
- ශුද්ධාත්මයාණන් වහන්සේ - (ගලාති 5:16,17 සහ ක්‍රියා 1:8 බලන්න)
කිතුණු වර්ධනය සඳහා විශේෂ කරුණු ඇති පොත්පත්/මූලාශ්‍ර ලබාගැනීමට තිබේ.
ඔබ මෙම සුභාරංචි නිරූනය තුළින් පුද්ගලිකව ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමට පැමිණියේ නම් හෝ තව දුරටත් ක්‍රිස්තුස්වහන්සේව හොඳින් දැනගැනීමට සහය අවශ්‍යව සිටීනම්, පහත වෙඩ් අඩවි නිර්දේශ කළ හැක.